ඉදිරි ජනාධිපතිවරණයේදි රාඡපක්ෂවරුන් දෙදෙනෙකු පැමිණියද එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් නොවන බවත් ඉදිරියේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (5) මාතලේ අලුවිහාරේ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ කාර්යාලයේ දි පැවති මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නවින් දිසානායක මහතා,
"එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ නිවෙස් දෙකක් ගිනි තබා තියනවා. නඩු තින්දුව ලබා දිමත් සමග පොලීසියෙන් ඉල්ලා සිටිනවා වැරදිකරුවන් නීතිය හමුවට යවන ලෙස. ප්රජාතන්ත්රවාදි බලවේග ලෙස මෙය දැඩි ලෙස හෙළා දකිනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදි මෙවැනි දේවල් සිදු නොවේවි යැයි කියා.
මොන දේශපාලන මත දැරුවත් අපි ඒ දේවල් ප්රජාතත්න්රවාදිව සිදු කළ යුතුයි. නීතියට අනුකූලව කළ යුතුයි. ගොඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා ලබා දුන් නඩු තින්දුව අධිකරණයේ ස්වාධිනත්වය පිළිඹිමු කිරිමක් බවත් ප්රජාතන්ත්රවාදි ලෙස මැතිවරණය සිදු කළ යුතු බවත්ය. අපිට අභියෝගයක් නොවේ. චමල් රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා. එය ඉල්ලා අස්වෙයි. නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපතිවරණයට තරඟ නොකරාවි. එක්සත් ජාතික පක්ෂය සමග තිබෙන සාකච්ඡා හොඳ මට්ටමක තියනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම පිරිහිලා නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වයෙන් අපේ ඡන්ද පදනම වැඩිවේවි. එය වැඩි කරගන්න අපි උත්සාහ දරමින් සිටිනවා. ජාතික ආරක්ෂාව බිදවැටෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.
සජිත් ප්‍රේමදාස මහතා රටේ සියලු දෙනාගේ ආරක්ෂාව භාර ගන්නවා. මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා අපෙක්ෂකත්වයෙන් ගොඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනමට යම් බලපැමක් එල්ලවි ඇති බවද දිසානායක මහතා පැවසිය.
විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක් පමණක් මඩ ප්‍රහාර එල්ලකරමින් පවතින බවත් මඩ ප්‍රහාර එල්ල නොකර පිරිසිදු මැතිවරණයක් ලෙස ඉදිරියට ගෙන යන ලෙස එම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
