ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා බලා මෙම ක්‍රීඩාව නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මාස හයක (06) කාලයක් සදහා ස්ථාවරකරණ කමිටුව පත් කර ඇත.
එම කමිටුව විසින් ශ්‍රී ලංකාවේ රග්බි ව්‍යවස්ථාව නැවත වරක් සංශෝධනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට සකස් කිරීමටත් එහි පරිපාලන කටයුතු නැවත ස්ථාපිත කිරිමටත් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා දියුණු කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමටත් ජාත්‍යන්තර තහනම ඉවත් කිරිමට කටයුතු කිරීමටත් ඔවුන්ට නීත්‍යානුකූලව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා බලය පවරා තිබේ.
මෙම කමිටුව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කර ඇති ක්‍රීඩකයින් හා නිළධාරීන් පිරිසක් ඇතුලත් කර ඇත.
1. චූලා ධර්මදාස මහතා - සභාපති
2. ශානක රණසිංහ මහතා - ලේකම්
3. තුසිත පීරිස් මහතා - භාණ්ඩාගාරික
4. ඩී.ඩී දමිත් විතාරණගේ - සාමාජික
5. කිෂාන් මුසාෆර් මහතා - සාමාජික
සවන්ත ද සේරම් මහතා - සාමාජික
6. සුභාෂ් ජයතිලක මහතා - සාමාජික
7. ප්‍රදීප් බස්නායක මහතා - සාමාජික
8. බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ මහතා - සාමාජික
මෙම කමිටු සාමාජිකයින්ගේ අත්දැකීම් හා පළපුරුද්ද එම ක්‍රීඩාව දියුණු කිරීමට ඉවහල් වන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තම අභිමතය පරිදි ඕනෑම ක්‍රීඩාවක නියැලීමට අයිතියක් ඇත. මෙම කමිටුව මගින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම රග්බි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට ද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.