රාජ්‍ය ව්‍යවසාය ප්රතිසංසකරණය යටතේ රක්ෂණ කර්මාන්තය විධිමත්කිරීමේ පනතේ විධි විධවලට අනුකූලව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
මේ සඳහා අවශ්‍ය පියවර ගැනිම සඳහා 2023-03-13 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කටයුතු එම සංස්ථාවේ පූර්ණ අනුබද්ධ ආයතනයන් වන සීමා සහිත ශ්‍රී ලංකා ඉන්ෂූවරනස් කෝපරේෂන ලයිෆ් ලිමිටඩ් හා සීමා සහිත ශ්‍රි ලංකා ඉන්ෂූවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත වෙන් කිරිම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.