සිරගතව සිටින හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා නිදහස් කර දෙන ලෙස ඉල්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදී සංවිධාන එකමුතුව සහ එක්සත් ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයින්ගේ සංසදය මගින් අද (31දා) පෙරවරුවේ නීතිඥවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ගාල්ල අධිකරණ සංකීර්ණයෙහි රථ ගාල අසලදී සිදුකරණු ලැබිය.
මෙම අවස්ථාවට ප්රජාතන්ත්රවාදයේ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ජගත් ආනන්ද සිල්වා, කණිෂ්ක ලැනරෝල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී කනිෂ්ක ලැනරෝල් මහතා සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන්සේම කිසිදු කොන්දේසියකින් තොරව රංජන් රාමනායක මහතාට ද සමාව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින බවයි.
රවින්ද්රශ්රිලාල් - චන්දන සමරවික්‍රම