අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ පළමු වසර අවසාන පරික්ෂණයට ලබන ජුනි මස 4 වැනිදා පෙනීසිටින බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක මහතා විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව චන්දන ඒකනායක මහතා පැවසීය.