රංග රාජපක්ෂගේ මරණයට ගම්මන්පිලගෙන් සාක්ෂි විමසයි
මුදල් අමාත්‍යංශයේ විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්යක්ෂ වරයෙකුව සිට වැඩතහනමට ලක්ව සිටියදී කතාබහට ලක්වෙමින් මියගොස් තිබූ රංග නිෂාන්ත රාජපක්ෂ මහතාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද(20) කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතරසිංහ මහතා ඉඳිරියේ (20දා) පැවැත්විණ.
එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඉකුත් 4 දා මාධ්‍යන් ඔස්සේ මාධ්‍ය නිවේදනයක් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය සාක්ෂිලැයිස්තුවට ඇතුලත්කරතිබීම හේතුවෙන් ඒමහතාද සාක්ෂි විභාගයට සහභාගී විය.
එහිදී පිළිවෙළින් මරණකරුගේ බිරිඳ වූ නිශ්ශංක ආරච්චිගේ සීලවතී, දියණිය අබේසිංහ මුදියන්සේලාගේ සුනෙත්මි ඉමාෂා, රාජපක්ෂගේ කරුණාවතී, පතිරාජ මුදියන්සේලාගේ මධුෂානි සහ පිවිතුරු හෙළෞරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල යන මහත්වරු සාක්ෂි ලබාදුන් අතර සාක්ෂි විභාගය පැමිළිල්ල මෙහෙයවූයේ වයඹ පළාත්බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි.
පැය දෙක්කට ආසන්න කාලයක් පැවති සාක්ෂි විභාගයේ වැඩි කාලයක් සාක්ෂි කැඳවා තිබුණේ ගම්මන්පිල මහතාගෙනි. මාධ්‍යයන්හි විකාශයවූ අදාළ සිද්ධියට ප්රස්තුත පුවතේ මාධ්‍යයේ විකාශයවූ දසුන් හා සංස්කරණය නොකළ දර්ශන අදාළ මාධ්‍යවේදීන්ගේ දිවුරුම් ප්‍රකාශද සහිතව අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස සලකුණු කර තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් මෙම නඩුකරය එළැඹෙන ජුනි 03 වැනිදා යළි කැඳවීමට නියමකෙරින.
ගම්මන්පිල මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අනුර යාපා, සුපුන් අධිකාරි, නිහාල් ජයසිංහ, චන්දන යාපා, මායාදුන්නේ සෙනවිරත්න, දර්ශන ජයවර්ධන යන මහත්වරුන් පෙනීසිටියහ.
කුලියාපිටිය ජිනේෂ් උපේන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

