මැලේසියාවේ පැවති 34 වන යොවුන් බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් 05 දෙනෙකුම පදක්කම් ජයග්‍රහණය කරමින්, රන් පදක්කමක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 12/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක , ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පසිදු උමයංග මිහිරාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
මීට අමතරව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යසිදු ප්‍රේමරත්න සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ හේෂාන් ජයසිංහ රිදී පදක්කම බැගින් දිනා ගැනීමට සමත් වී තිබුණි .
එසේම මෙම තරගාවලියේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වරුණ බණ්ඩාර සහ එම විද්‍යාලයේ සල්මන් ෆාරිස් ලෝකඩ පදක්කම බැගින් දිනා ගෙන තිබුණි .
ඔවුන් 12/19 දින අලුයම 12.20 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අරුණ කටුගම්පළ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .