ඉන්දියාවෙන් ගෙන්වා වී ගොවීන්ට බෙදා දෙන යූරියා පොහොර නිසි ප්‍රමාණය නොලැබීම නිසි බර ප්‍රමාණය නොතිබීම නිසා ගොවීන් මෙන්ම ගොවිජන සේවා නිලධාරීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් අද (18දා) වාර්තා විය.
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් කිලෝ 50 ක පොහොර මිටියක් රුපියල් දහදාහක මුදලකට ගොවි සංවිධාන වලට නිකුත් කිරීම දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක විය
එහිදී අක්කර එකකට යූරියා පොහොර කිලෝ හතළිහක් ලබාදීම රජයේ ප්‍රකාශ කොට තිබුණි .දඹුල්ල ගොවිජන සේවා කාර්යාලය මඟගින් අක්කර 1 ක වි වගාවට යුරියා කිලෝ 20 ක ප්‍රමාණයක් පමණක් ලබාදෙන බව ගොවීන් චෝදනා කරන්නට වූහ.
ගොවීන් නගන මෙම චෝදනාව කිරි පිළිබඳව දඹුල්ල ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ලැබිය යුතු පොහොර ප්‍රමාණය නොලැබීම නිසා ලැබී ඇත්තේ පොහොර මිටි 1500 ක් පමණක් බව ය
එම නිසා අක්කර එකකට කිලෝ 40 බැගින් ලබාදීමට නොහැකි නිසා සියලු දෙනාටම සාධාරණය ඉටු වීමට කිලෝ 20 බැගින් ලබාදීමට තීරණය කර තිබියදී ගොවීන්ගේ චෝදනා සහ ගොවීන් ගේ නොසන්සුන්තාවය නිසා ලැබී ඇති පෝර පැමිණෙන පිලිවෙලට අක්කර එකකට කිලෝ 40 බැගින් ගොවි සංවිධාන වලට නිකුත් කිරීම්ට තීරණය කළ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට ලැබී තිබූ කිලෝ 50 ක පොහොර මිටියක කිලෝ 50 ක ප්‍රමාණය නොමැති වීම නිසාත් ගොවි සංවිධාන නායකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටි අතර ගොවීන්ගේ ඉල්ලීම මත ලැබී ඇති පොහොර මිටි ගබඩාව තුළ ම ඇති තරාදියකින් කිරා බැලීමට ගොවීන් සමත් වූහ
කිලෝ 50 ක ප්‍රමාණයක් ඇති බව සටහන්ව තිබූ ඇසුරුම්වල විශාල වශයෙන් පොහොර අඩුවී තිබිණි. ඇතැම් ගෝනිවල කිලෝ 48,47,49, ඒ සමගම කිලෝ පනහ වෙනුවට කිලෝ 40කද ඇතැම් ඇසුරුම් වල තිබිණි .
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයන් කියා සිටියේ තමන්ට කිලෝ 50 ක ප්‍රමාණයට රැගෙන ගොස් මේවා ගොවීන්ට කිරා බෙදා දීමට යද්දි බරපතල ප්‍රශ්න රැසකට මුහුණ පෑමට නිලධාරීන්ට සිදුවන බවය
කිලෝ 50ක ප්‍රමාණය නොමැතිවීම නිසා එක් අයෙකුට කිලෝ විස්සකට මුදල් ලබාගෙන ලබාදීමට හැක්කේ අඩුවෙන් බව ද ගොවීන් කියති .පොහොර බෙදා දීමේ සිද්ධිය තවත් ප්‍රශ්න රැසක් ගම් තුළ ගොවි සංවිධාන තුළ මතු වෙන බව ද ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.