මේ වනවිට රුපියල් 10,000කට අලෙවි කෙරෙන යූරියා පොහොර මිටියක මිළ එළඹෙන මස වනවිට තවදුරටත් අඩු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ මෙම මස අවසන් වනවිට යූරියා පොහොර රුගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.
කෙසේවුවද මිල අඩු වනතෙක් නොසිට මේවනවිට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාද නොවී වගාවට යොදන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යාංශය පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා පෙන්වා දෙන පරිදි ඇතැම් ගොවීන්ගේ අස්වැන්න අඩු වීමට ප්‍රධානතම හේතුව බන්ඩි පොහොර නොයෙදීම බවට පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
ඒ අනුව අද (22දා) සිට නිකුත් කරන ලද පොහොර සහනාධාර වවුචර්පත් මගින් බන්ඩි පොහොර මිලදී ගැනීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.