යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12දා) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ වරායෙන් පොහොර ගොඩබෑමේ කටයුතු පැය 24 පුරාම සිදු කෙරෙන බවද දින 10ක් ඇතුළත ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිත බවද එම අමාත්‍යාංශය පවසයි.
ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් එම පොහොර තොගය දිවයින පුරා බෙදාහැරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ගොවීන්ට පොහොර බෙදාහැරිමේ කටයුතු විධිමත්ව සිදුවන්නේ ද යන්න කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පූර්ණ අධික්ෂණය මත සිදු කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.