යල කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65000ක් රැගත් නෞකාව ජුලි 06දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ගෙන එන බවයි.
ඕමානයේ සිට ඉන්දියාවට යූරියා රැගෙන යන නෞකාවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය යූරියා තොගය ගෙන එන බවත් ඔහු පැවැසීය. නැවේ ඇති යූරියා ගොඩ බෑමෙන් අනතුරුව ඒවා ඇසුරුම්කර ගොවීන් වෙත ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.