යූක්‍රේනයේ සිට පැමිණි විදේශිය සංචාරකයින් පිරිස මත්තලට
කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය .
ස්කයි අප් ගුවන් සේවයේ ( Sky Up Air Line ) පී.කිව්.555 දරන ගුවන් යානය අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර , මෙම සංචාරකයන් පිරිස ගුවන් තොටුපළ බැස්සවීමෙන් පසුව යළිත් අද දින සවස ආපසු පිටත්ව යාමට නියමිතය .
මෙසේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන්නකි .
මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන් තොටුපළ විවෘත කර , පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කිරීමට නියමිතය .
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිත බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
