බාලවයස්කාර ගැහැණු දරුවෙක් හා තරුණයෙකු කැළණි ගඟට පැන සියදිවි හානිකර ගෙන ඇති බවත් ඔවුන්ගේ සිරුරු මෙතෙක් හමු නොවූ බවත් පොලීසිය පවසයි.
මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 15ක් වන දැරියක් හා අවුරුදු 18ක් වන තරුණයෙකි.
ඔවුන්ගේ සිරුරු සොයා පොලිස් නාවික කොට්ඨාසය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් මෙහෙයුම් සිදුකරන බවත් පොලීසිය පවසයි.
ඊයේ (11දා) රාත්රී මෙම සිදුවීම සිදුව තිබේ.