යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය තවමත් අප යටතේයි - යුක්රේනය
යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය තම හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බවට රුසියාව කළ ප්‍රකාශය යුක්රේන නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
යුක්රේන රජයට අයත් න්‍යෂ්ටික සමාගමක් වන Energoatom, ප්‍රකාශ කළේ මෙම ප්‍රකාශය "පරම බොරුවක්, ව්‍යාජ එකක්" බවයි.
මීට පෙර රුසියාව කියා සිටියේ තම හමුදා බලාගාරය අත්පත් කර ගත් බවත් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවත්ය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "රුසියානු සෙබළුන් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරමින් සහ පාලනය කරමින් සිටින බවයි."
popular news
-
wijesena Tuesday, 01 March 2022 01:58 PM
siyalu ranawiruwan aarakshaa weewa... IKMANINMA SAAMAYA udaa weewa a...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

