ගම්පොල නගරයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබෙලෙකුට ඉන්ධන ලබාගැනීමට පැමිණි ටිපර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
ටිපර් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසුව ඔහු වෙනත් ස්ථානයක ටිපර් රථය නවතා යළිත් බූලි දෙකක් රැගෙන ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇත.
එහිදී යුද හමුදා සෙබලා පවසා ඇත්තේ බූලිවලට ඉන්ධන ලබානොදෙන බවයි. ඉන් අනතුරුව ඇතිවූ බහින් බස් වීමකදී ටිපර් රථයේ රියදුරු විසින් යුද හමුදා සෙබලාට පහරදී තිබේ.
කෙසේ වෙතත් සැකකරුද තමාට යුද හමුදා සෙබලා පහරදුන් බව සඳහන් කරමින් රෝහල්ගතව තිබේ. කෙසේ වෙතත් සැකකරුව රෝහලේදිම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මේ අතර ඊයේ සවස් කාලයේදී බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකදී ප්‍රධාන ගේට්ටුව කඩා අමාත්‍යාංශයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එම ස්ථානයේ රාජකාරීකරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහරදි ඇතැයි පොලීසිය කියි.
එම පොලිස් නිලධාරයා ප්‍රතිකාර ලබාගැනිම සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ. මේ පිළිබඳව තලංගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.