ඉන්දියාව් සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2058.3 ක් යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව පෙබරවාරි 02 දින අළුයම 0500 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අදාල නීති විරෝධි බීඩි කොළ තොගය ලොරි රථයක මීගමුව සිට ජා ඇල දක්වා ප්රවාහනය කරන අවස්ථාවේදී, ලොරි රථය සැකකරුවෙකු සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්රදේශයේ පදිංචි වයස අවු: 43 ක් පමණ පුද්ගලයෙකු වන අතර මේ සබැදි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සදහා කටුනායක රේගු විමර්ශණ කාර්යාලය වෙත භාරදී ඇත.
