යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
එප්පාවල මැඩියාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය ඔරුවක් පෙරළී එහි සිටි අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. එප්පාවල පොලිස් වසමට අයත් මැඩියාව වැවේ නෙලුම් මල් කැඩීමට ඔරුවකින් ගමන් කරමින් සිටි පිරිසක්, ඔරුව පෙරළී දියේ ගිලීමෙන් ඊයේ (15) පස්වරුවේ සිදු වූ අනතුරකික් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මැඩියාව වැව මැදදි මෙම ඔරුව පෙරළී යාමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු දියට වැටී ඇති අතර, ඔරුව තුළට ජලය පිරී ඔරුවද දියේ ගිලී ඇත, මොවුන් තිදෙනා ගොඩබිමට පීනා ඒමට උත්සහ දැරීමේදි එක් අයෙකු මෙලෙස දියේ ගිලී ජීවික්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටියාව යාය 01 පන්සල පාර පදිංචි යසිත මධුෂාන් ජයරත්න නම් 37 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
එප්පාවල කටියාව වැව අසල පදිංචි, කිළිනොච්චිය ඉරණමඩු යුධ හමුදා කඳවුරේ සේවය කරන යුධ හමුදා සෙබලකු සමඟ යුධ හමුදා කඳවුරේ පැවැත්වීමට නියමිත ආගමික උත්සවයකට අවශ්යය නෙලුම් මල් කැඩීමට මිය ගිය පුද්ගලයා හා තවත් මිතුරෙකුද ඇතුළුව තිදෙනක් මැඩියාව වැවට පැමිණ, ධීවරයකුට අයත් ඔරුවකින් මෙලෙස වැව මැද කොටසේ නෙලුම් මල් කඩමින් සිටියදී ඔරුව හදිසියේම පෙරළි ගොස් අනතුරට ලක් වී ඇති අතර, ඉන් පසු තිදෙනාම ගොඩට පීනා ඒමට උත්සහ කිරීමේදී ඉන් එක් අයෙකු දියේ ගිලී ඇත.
ප්රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් දියේ ගිලුණු පුද්ගලයා ගොඩට ගෙන එප්පාවල රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයකුද ජලය අධික ලෙස පෙවීමෙන්, එප්පාවල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබා වැඩිදුර ප්රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවිණි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිය ගිය පුද්ගලයාගේ දේහය එප්පාවල ප්රාදේශිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාර කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

