එක්සත් ජනපදය යුධෝපකරණ හිඟයකින් පෙළෙන බවට පළ වන වාර්තා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙවැනි තොරතුරු නිකුත් කිරිම සම්බන්ධයෙන් සැක කරන අයට "දිගු කාලීන සිර දඬුවම්" පැනවිය යුතු බව ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම්වලින් ප්‍රකාශ කරයි.
"එක්සත් ජනපදය සතුව දැවැන්ත යුධෝපකරණ සංචිතයක් පවතිනවා. ඊට අමතරව, විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර අවශ්‍ය පරිදි
එක්සත් ජනපදයට නැව්ගත කරනවා." යැයි ඔහු සඳහන් කළේය
ට්‍රම්ප් සහ පෙන්ටගනය මිලිටරි අවි ගබඩාවේ තත්ත්වය පිළිබඳව වැඩිවන ප්‍රශ්නවලට මුහුණ දෙන අතර, යුද්ධය දැන් හයවන
මාසය වන අතර සාම ගිවිසුමක් තවමත් නොපැහැදිලි ය.