යුද හමුදා සෙබෙලෙක් දිවි හානි කර ගනියි
පල්ලේකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ යුද හමුදා සෙබලෙකු ඔහු පදිංචි අම්පිටිය ප්රදේශයේ නිවස අසල වන ලැහැබකට ගොස් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන සිටියදී දින හතරකට පසු ඔහුගේ මෘත ශරීරය හමු වූ බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.
එසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ අලහකෝන් මුදියන්සේලාගේ සුසන්ත බණ්ඩාර අලහකෝන් (32) නමැති එක්දරු පියෙකි .
ඔහු පල්ලෙකැලේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සෙබල රියදුරෙකු ලෙස සේවය කොට ඇති අතර දින හතරකට පමණ පෙර නිවසෙන් බැහැරට ගොස් ආපසු නොපැමිණීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමේදී ඔහු නිවස අසල වන ලැහැබක ගසක එල්ලී මියගොස් සිටියදී ඊයේ (02) ප්රදේශවාසීන්ට හමුව තිබේ . ඒ වන විට ඔහුගේ මෘත දේහය බොහෝ සෙයින් නරක් වී තිබූ බවද පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන භාර ප්රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ අධීක්ෂණය යටතේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
