ප්රියංකරගම, අධිරාණිගම ප්ර දේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 31ක් වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු මීට දින කිහිපයට පෙර නිවාඩු ලබා පැමිණ ඇති අතර පසුගිය 28 දා රාත්රි යේ ඔහු මිතුරන් දෙදෙනෙක් සමග මත්පැන් පානය කර තිබේ.
ඉන් අනතුරුව මිතුරන් දෙදෙනා පිටව ගොස් ඇති අතර නැවතත් ඊයේ සවස්වරුවේ එම නිවසට පැමිණ විටදී සෙබලා මියගොස් ඇති බව දැනගෙන ඒ බව පොලිස් ස්ථානයට දැනුවත් කර තිබේ.