ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද ලබන 2024 වසර වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම සංඛ්‍යාව 2030 වසර වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.