ශ්රී ලංකා යුද හමුදාව විසින් අක්කර 500 ක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර එහි පලමුවෙනි අදියර ලෙස අද (27දා) තඹුත්තේගම පිහිටි නිරාවිය යුධ හමුදා ගොවිපලේ අක්කර 100 ක ප්රමාණයක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා ඇතුළු යුද හමුදාවේ පිරිසක් සහභාගී වූහ.

