ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා දිගුව නීත්‍යානුකූලව සිදුකර නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
යුද හමුදාපතිවරයාට ලබා දි ඇති සේවා දිගුව තවදුරටත් වලංගු බවත් එය 2021/12/31 දා සිට බල පැවැත්වෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.