ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19දා) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සැමරුම් උත්සවය අද සවස 4.00ට රණවිරුවන් හා රණවිරුවන්ගේ ඥාතීන්ගේ සභභාගිත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට අග්‍රාමත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සහ අමත්‍යවරුන් රැසක් සහභාගිවේ.
මීට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුන් හා විශ්රාමගිය ත්‍රිවිධ හමුදාපතිවරුන්ද සහභාගි වීමට නියමිතව තිබෙන අතර,එසේම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වීමට නියමිතව තිබේ.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් අත්කරගත් යුද ජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ.
යුද, ගුවන්, නාවික, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ විරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙකු මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපුදා තිබෙන අතර, යුද්ධය නිසා රණවිරුවෝ 27,000කටඅධික ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත් වී තිබෙන අතර,ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් රණවිරු සැමරුම සිදුකරේ.