ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉකුත් 4 වෙනි දින සහ 7 වෙනි දිනයන් අතරතුරදී මෙය අස්ථානගතව ඇති බවට
අණ දෙන නිලධාරීවරයකු ලෙස කටයුතු කරන මේජර්වරයෙකු පැමිණිලි කර ඇත
කඳවුරේ මුරකුටි සඳහා එක් නිලධාරියකු වෙත ටී 56 ගිනි අවියක් ,උන්ඩ 120 ක් අඩංගු මැගසින් 4 ක් මෙන්ම පුචස් 1 ලබාදීම සිදුකරන බවත් ඉකුත් දින කීපය තුළ එයාකාරයෙන් නිලධාරීන් වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි
ඉකුත් 5 වෙනි දින රාත්රී රාජකාරී සඳහා නිලධාරීන් වෙත ගිනි අවි හා මැගසින් ලබාදීමේදී මැගසින් එකක් අස්ථානගතව ඇති බවට මැගසින් ලබා දුන් නිලධාරීන් විසින් අණ දෙන නිලධාරීවරයාව දැනුවත් කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
අස්ථානගත වූ මැගසිනය කඳවුර තුළ ඇද්දැයි සොයා බැලුවද එය සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්රදීප් රත්නවීර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි