ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය
අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේ අද (20) දින පාර්ලිමේන්තුවේද ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට ලක්වූ අවස්ථවේදීය.
" ඊශ්‍රායලයේ පැවති ගැටුම්වලට මැදිහත්ව මිය ගිය ශ්‍රමිකයින්ට සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකික ශ්‍රමිකයෙන් ජීවිතක්ෂයට පත්වුනා කියලා අපිට දැනට වාර්තා වෙනවා ඒ ගැන අපි කණගාටුව පළකරනවා. ඒ වගේම අපහසුතාවයට පත්වෙලා තියෙන සියලුදෙනා සම්බන්ධයෙන්ම ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා.
අපහසුතාවක් තියෙන අය ඉන්නවා නම් යලිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතුත් දැනටමත් කරලා තියෙනවා.
ඒවගේම ඊශ්‍රායලයේ රැකියා සඳහා යන්න සූදානමින් ඉන්න පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කරලා යැවීමටත් අපි අවශ්‍ය කටයුතු කරනවා.
අපි ඊශ්‍රායල රජයත් එක්ක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපිට කෘෂි ක්ෂේත්රයේ රැකියා දහසක් සඳහා අවස්තාව ලැබිලා තියෙනවා. ආරක්ෂක තත්ත්වයත් බලලා අපි ඒ අයව යොමු කරන්න කටයුතු කරනවා."