යුධමය තත්ත්වය හේතුවෙන් කැලෑවට ගිය ඉඩම් පසුව වනාන්තර ලෙස ගැසට් කර ඇති බවත් මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට ලක්ව ඇති බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
මේ අනුව මොණරාගල සිට මුලතිව් දක්වා විශාල පිරිසකට අසාධාරණයක් වී ඇති බවත් ඒය නිවැරදි කිරීම වෙනුවෙන් එලෙස වනාන්තර ලෙස ගැසට් කර ඇති ඉඩම් යළි මුල් හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් ජනපතිවරයා පැවැසීය.