දශක තුනකට ආසන්න කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර අදට (මැයි 18) වසර 13ක් සම්පූර්ණ වෙයි.
2009 වසරේ මැයි මස 18 වැනිදි එල්.ටී.ටී.ඊ, නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මළ සිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයා ගැනීමත් සමග යුද්ධන නිල වශයෙන් අවසන් විය.
ඉන් අනතුරුව රට දියුණු කිරීම සඳහා ස්වර්ණමය අවස්ථාවක් ලැබුණද රටක් වශයෙන් අපට එය අහිමි ව ගියේය. එදා සිටි නායකයන් එම අවස්ථාවෙන් නිසි ප්ර යෝජන ගත්තානම් අද රටක් ලෙස මෙවැනි අගාධයකට අප ඇද නොවැටෙන්නට තිබුණි.
එදා යුද්ධය පැවැති සමයේ ආරක්ෂක ලේකම්ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනපනති වී සිටියි. එවක ජනපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්රමාත්යවරයෙක් ලෙසට පත්ව තිබේ.
ජනතාවගෙන් එල්ල වූ විරෝධය මැද අද වන විට ඔහු ත්රිකුණාමලය නාවික හමුදා තටාංගණයේ ආරක්ෂාව පතා රැදී සිටියි.
එවක යුදමය සමයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් විරුවෙක් වූ ශවෙන්ද්ර සිල්වා මහතා අද වන විට ජනරාල් තනතුරට පත්ව යුද හමුදාපති ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්රධානි වශයෙන් කටයුතු කරයි.
එවක මේජර් ජනරාල්වරයෙක් වූ කමල් ගුණරත්න මහතා අද වන විට ජනරාල් තනතුරට පත්ව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරයි.