යුක්රේන ජාතික යුවතියක් ඊයේ (26දා) පෙරවරුවේ දළදා මාලිගාව ඉදිරිපිට මහනුවර වැවේ වලාකුළු බැම්ම අසල තනිව විරෝධතාවයක නිරත වූයේ තම රට ආක්‍රමණය කර සිටින රුසියානු හමුදා වහාම තම රටෙන් පිට වියයුතු බවට බල කරමිනි.
යුක්රේන ධජය ඇඟ පටලවාගෙන විරෝධතා පුවරුවක්ද අතින්ගෙන සිටි ටානියා නැමැති එම යුක්රේන යුවතිය මාධ්‍යවේදීන්ගෙන් හා සමාජ මාධ්‍ය ක්‍රියා ක්‍රියාකාරින්ගෙන් ගෙන් ඉල්ලා සිටියේ තම පණිවිඩය ලොව පුරා ගෙන යන ලෙසයි.
තම රටත් පවුලේ සාමාජිකයින් මෙන්ම රට වැසියනුත් මේ වන විට අනතුරුදායක තත්වයකට පත්ව සිටින බවත් රුසියානු නායක පුටින්ගේ හමුදා වහාම තම රටෙන් පිට විය යුතු බවටද ඇය එහිදී බල කර කියා සිටියේය .

