යුද්ධයට සම්බන්ධ නොවන රටවලට ඒල්ල වන ප්‍රහාර ගැන ජනපතිගේ කනස්සල්ල
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය කනස්සල්ල පළ කළ අතර, එම ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.
එමෙන්ම, මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවල නිරත වන අතර, පවතින යුදමය තත්ත්වය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කර කටයුතු කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.
එසේම, මැදපෙරදිග කලාපයේ රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
