යුක්රේන සංචාරකයින් පොළොන්නරුවට
ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) දින පෙරවරුවේ දි ෙළුතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
උදයංග වීරතුංග මහතා ඇතුළු මෙම කණ්ඩායම පොළොන්නරුවට පැමිණිම මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් යුක්රේන ජාතික සංචාරකයෝ මහත් හරසරින් පිළිගෙන ගනු ලැබූවාය.
බස් රථ කීපයකින් පොළොන්නරුවට පැමිණි විදේශීය සංචාරකයන් හට පොලිසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව සපයා තිබිණි.
පසුව එම පිරිස මාළිගාව, වටදාගෙය, රන්කොත් වෙහෙර, ගල්විහාර සහ තිවංක පිළිමගෙය නැරඹිමෙන් පසු මාතලේ අළු විහාරය නැරඹිමට පිටත්ව යන බව එහි සිටි නිළධාරියෙකු පැවැසිය.
සංචාරක පිරිස සඳහා ආරක්ෂාව සැපයීමට පැමිණ සිටි පොලිසිය යුද හමුදාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම ද ආරක්ෂිත ඇඳුම් වලින් සැරසී පිරිසට පහසුකම් සැපයීම සඳහා ක්‍රියා කරනු ලැබූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

