රුසියාව සහ යුක්රේනය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මෙරට සංචාරයේ නිරත යුක්රෙන ජාතිකයන් සඳහා අවශ්‍ය සෞඛය පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ පදනමේ නිර්මාතෘ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
කොළඹ මහවැලි කේන්ද්‍රෙය් අද (28) පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව පැවසීය.
“අපි දැක්කා මාධ්‍ය ඔස්සේ යුක්රේනයෙන් පැමිණ සිටන සංචාරක පිරිස් බොහොමයක් දුක් වේදනවෙන් කරන ඉල්ලීම්, මේ යුධමය තත්වය හේතුවෙන් ඔවුන්ට නැවත ගම් බිම් බලා යන්න අවස්ථාව ලැබෙන්නේ නෑ, නොදන්නාවූ කාලයක් මෙහි රැඳි සිටින්න සිදුවෙනවා, ඒ කාලය තුල ඔවුන්ට වියදම් කිරීමට ප්‍රමාණවත් මුදුල් නෑ ඒ සඳහා ඔවුන්ට උදව් කරන ලෙස යුක්රේන සංචාරකයන් මාධ්‍යට කියන හැටි අපි දැක්කා.
ඇත්තෙන්ම මෙය හද කම්පා කරවන කාරණයක් මේ සඳහා පිහිටක් වෙන්න අපි සූදානම් ඒ සඳහා ඇඹිලිිපිටිය බෝධිරාජ පදනම, ඇඹිලිපිටිය ස්ටොර්ස් පෞද්ගලික සමාගම එහි කළමනාකාර උදය නාත් ලාල් පෙරේරා සහ ඇඹිලිපිටිය එක්සත් මිතුරන්ගේ සංගමය අපි සියලු දෙනා එක්වෙලා මෙහෙයුම් කරනවා.
ඒ වගේම මේ යුක්රේන ජාතිකයන්ට නොමිලේ වෛද්‍යමය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරුන්ගේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තිය සමිති සන්ධානය ද ඉදිරිපත් වෙනවා ඒ නිසා අපි සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ගෙන්ම ඉල්ලා සිටිනවා පීඩාවට පත්ව සිටින යුක්රේන සංචාරකයන් සිටිනවා නම් කරුණාකර අප වෙත ඉදිරිපත් කරන ලෙස ඒ සඳහා 0762664674/ 0765306666 යන විශේෂ දුරකතන අංක ඇමතීමෙන් ඔබට මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකියි.”
තිසර ගංඟාදර
