යුක්රේනයේ නාගරික සටන් මෙහෙයවීම වෙනුවෙන් ඒ සඳහා ප්රවෘණතාවක් ඇති සිරියානු සෙබළුන් බඳවා ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බවත එක්සත් ජනපද නිලධාරීන් වෝල් ස්ට්රීට් ජර්නල් වෙත පවසා තිබේ.
කොපමණ සටන්කාමීන්යු ප්රමාණයක් මේ සඳහා සම්බන්ධවීමට සූදානම් දැයි තොරතුරු වාර්තා නැතත් දැනටමත් ඇතැම් සොල්දාදුවන් රුසියාවට ගොස් යුක්රේන යුද්ධයට එක්වීමට සූදානමන් සිටින බව වාර්තා වන බව වෝල් ස්ට්රීට් ජර්නලය ප්රකාශ කරයි.
මොවුන් සඳහා ඉහළ වැටුප් ගෙවීමට රුසියාව විසින් එකඟ වී ඇති අතර සිරියානු සිවිල් යුද්ධයේ නාගරික සටන් පිළිබඳව අත්දැකීම් ඇති සටන්කාමීන් යෙදවීම මගින් කියෙව් අගනුවර ඇතුළු ප්රධාන යුක්රේන නගර අත්පත් කර ගැනීම වේගවත් කර ගැනීමට හැකි වෙනු ඇතැයි රුසියාව විශ්වාස කරයි.
මේ අතර ඊශ්රායල හමුදා ප්රවීණයන් යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට පෙනී සිටින බව වාර්තා වේ.
