පොලීසිය ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුමට අදාළව පෙරේදා දිනයේදී සැකකරුවන් 2078ක් හා සැකකාරියන් 88ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම පසුගිය 17 දා ආරම්භ කළ අතර ඒය එළැඹෙන 23 දා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
ඊයේ දිනයේදී අත්අඩංගුවට ග්ත පු්ගලයන් අතරින් 66ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 14කගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. ඒසේම සැකකරුවන් 226ක් පුනරුත්තාපනය වෙනුවෙන් යොමු කිරීමට නියමිතය.