යුක්තිය මෙහෙයුම් ආරම්භ කළ දෙසැම්බර් 17 වැනි දා සිට ඊයේ (20දා) දක්වා කාලය තුළදී සිදු කළ වැටලීම්වලදී රුපියල් මිලියන 7800කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මෙම කාලය තුළදී වැටලීම් 57999 ක් සිදුකර තිබෙන බවත්, එම වැටලීම්වලදී සැකකරුවන් 57673ක් අත්ඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.
එම කාලය තුළදී හෙරොයින් කිලෝ 144ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 210ක් හා ගංජා කිලෝ 2764ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්,මත්පෙති 368586ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
ගංජා පැළ ලක්ෂ හතළිහකට ආසන්න ප්‍රමාණයක් විනාශ කර තිබෙන බවත්, වෙනත් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 307ක්ද අත්ඩංගුව ගෙන තිබෙන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 1870 ක් සඳහා රඳවා තබා ගැනීමේ නිවේදන ලබා ගෙන තිබෙන බවත්, 234 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙන බවත්, 2098 කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනයට යොමු කිරීමට අදාළ කටයුතු කර තිබෙන බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස් අතර විවෘත වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයන් 1371ක් හා විෂ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි පුද්ගලයන් 6891 ක්, වෙනත් බල අපරාධ සම්බන්ධයෙන් 405 දෙනෙකුත් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට සහ සංවිධානත්මක අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාවගේ සහාය අවශ්‍ය බවත්, යුක්තිය මෙහෙයුම සඳහා මහජනතාවගෙන් විශාල වශයෙන් තොරතුරු ලැබෙන බවත්, මේ නිසා අදාළ කටයුතු සඳහා තවදුරටත් ජනතාවගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.