යාල ජාතික වනෝද්‍යානයේ වාහන පැදීමේ සිදුවීම සම්බන්දයෙන් දැනට සිදු කරන පරීක්ෂන වලට අමතරව මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා රහස් පොලීසියට භාර දීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අදාල සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (08දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව මෙම සිදුවීමට වැරදිකරුවන් වන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.