මොනරාගල රාජ්‍ය බුද්ධි අංශය ලද තොරතුරක් මත මොනරාගල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකක මඟින් (19) වෙනිදා ගෝනගංආර පොලිස් වසමට අයත් යාල වනෝද්‍යානයේ පුංචිකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සොයාගෙන තිබේ.
අක්කර දෙකහමාරක ප්‍රමාණය යුත් මෙම ගංජාහේනේ උස අඩි පහත් හයත් අතර ගංජාගස් තිබී ඇත .
පොලිස් නිලධාරීන් යනවිට ගංජා වගාවේ අයිතිකරු පළාගොස් ඇති අතර ඔහුව හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබේ.
ගංජාවගාව කපාකොටා පුළුස්සා විනාශකර ඇති අතර ගංජාගස් වලින් කොටසක් අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා ගෝනගංආර පොලීසියට භාරදී ඇත.මෙම ගංජාවගාවේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වේ.
රාජ්‍ය බුද්ධි අංශයේ මොනරාගල අංශ ප්‍රධානී ප්‍ර.පො.ප හේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට මොනරාගල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ උ.පො.ප චමින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
