යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් එළැඹෙන 12 දා සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සතියකට ගුවන් ගමන් වාර 4ක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඇලියන්ස් එයාර් ගුවන් සමාගම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර එම ගුවන් යානය චෙන්නායි වෙතින් පෙරවරු 9.25ට ගුවන් ගතවී යාපනය වෙත පෙරවරු 10.50ට ළගා වීමට නියමිතය.
ඉන් අනතුරුව එම ගුවන් යානය පෙරවරු 11.50ට යාපනයෙන් ගුවන් ගතවී චෙන්නායි වෙත පස්වරු 1.15ට ගොඩ බෑමට නියමිතය.
