යාපනය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නම් පොලීසිය මීට වඩා ක්‍රමානුකූලව වැඩකළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමග 2023.01.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්විමේදි පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉන්දීය නීති විරෝධි ධීවර කටයුතු මැඩලීමට සෘජු තීරණයක් ගතයුතු බවත්, උතුරු පලාත තුළ මත්ද්‍රව්‍ය මැඩලීමට මෙම ඉන්දීය ධීවර ආක්‍රමණය ද බලපා ඇති බවත්, උතුරේ දැනට මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසිය ගන්නා වු ක්‍රියා මාර්ග පිළිබදව ජනතාව තුළ සැකය හා අවිශ්වාසය ඇති වී තිබෙන බවද පැවසු අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට පලායාමට සමහර පොලිස් නිලධාරීන් උදවු උපකාර කරන බවද ජනතාව තුළ සැක මතු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
තවද වැටි බද්ධ වැඩි කිරීම ඇතුලු ආර්ථික ගැටළු වලට මුහුණ පා සිටින උතුරේ ධිවරයන්ට ඉන්දීය ධීවරයන්ගේ තීති විරෝධි ධීවර කටයුතු නිසා නොයෙකුත් ගැටළු හා බාධාවන් ට මුහුණ දෙමින් සිටින බවත්, ඒවා නැවැත්වීමට රජය පැහැදිළි තීන්දුවක් ගත යුතුව ඇති බව අමාත්‍යවරයා පවසන ලදි.
මේ අතර ධීවරයන්ගේ ප්‍රශ්න විසදීමට දෙරට ධීවරයන් හා විද්වතුන් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කොට සාකච්ඡා පැවැත්වීම හා දැනට අමාත්‍යංශ මට්ටමේ සාකච්ඡා වලදී ගත් තීන්දු ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඉන්ධන මිළ වැඩි වීම නිසා රටපුරා හානියට පත් වු ධීවරයන්ට සහනාධාර ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහිද මෙහිදි අවධානය යොමු කරන ලදි.