යාපනය අනලතිව් දූපතේ ජනතාවට මෙතෙක් කල් ගැටලුවක්ව පැවති බස් ප්‍රවාහනයට විසඳුමක් ලෙස නව බස් රථයක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුලු ගමනාගමන මණඩල නිලධාරීණ් හා නාවික හමුදාව පියවර ගනු ලැබීය.
අනලතිව් දූපතේ මීට පෙර පැවති ලංගම බස් රථය අබලන් වී මගී ප්‍රවාහනය නැවතීම හේතුවෙන් දූපතේ ජනතාවගේ ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම අඩාල විය. අනතුරුව ඒ පිළිබඳව ප්‍රදේශ ජනතාව විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට දැනුම් දීමෙන් අනතුරුව අමාත්‍ය වරයා විසින් උතුරු පලාත් ගමනාගමණ මණ්ඩල නිලධාරීණ් හා නාවික හමුදාව සමග සාකච්ඡා කොට බස් රථයක් ලබා දීමට තීරණය කරන ලදි.
පසුව අදාල ලංගම බස් රථය නාවික හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් මගින් පටවාගෙන අනලතිව් දූපත කරා රැගෙන යාමට පියවර ගන්නා ලද අතර දූපතේ ගමනාගමන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවෙයි.
