යාපනයේ සතියට දින දෙකක් උපකාරක පන්ති තහනම්
යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙතට ජුලි 01 වනදා සිට සතියේ සිකුරාදා සහ ඉරිදා දිනයන්හි උපකාරක පන්ති නොපවත්වන ලෙසට යාපනය දිසාපති ඒ. සිවපාලසුන්දරම් මහතා දැනුම් දී ඇත.
දිසාපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී අධ්‍යාපන බලධාරීන් මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන නිලධාරීන් කැඳවා සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුවය.
මෙම උපකරක පන්ති තහනම පනවා ඇත්තේ 01 වසර සිට 09 වසර දක්වා ඉගෙනුම ලබන සිසු දරුවන්ට බවටද මෙම සාකච්ඡාවේදී තීරණය කරනු ලැබූ අතර එහිදී වැඩි දුරටත් ගත් තීරණයන්ට අනුව සිකුරාදා සහ ඉරිදා දිනයන්හි අදාල පන්තිව සිසු දරුවන්ට උපකාරක පංති පැවත්වෙන්නේ නම් එක් විෂයක් වෙනුවෙන් පංති පැවත්වෙන කාලය අතරතුරදී විනාඩි 30 ක කාලයක් තුල කලාව, සෞන්දර්ය , සදාචාර ගුණයහපත්කම ආදිය පිළිබඳව සාකච්ඡා කොට සිසුදරුවන්ට අවබෝධ කොට දිය යුතු බවටද දැනුම් දී ඇත.
යාපනය දිස්ත්‍රීක්කයේ එකේ පන්තියේ සිට 09 පන්තිය දක්වා පන්ති පවත්වන්නේ නම් පහත සඳහන් පරිදි කරුණු 6 ක් මූලික කොට ගෙන අධ්‍යාපනික කටයුතු සිදුකල යුතු බවට කොන්දේසි දමා ඇත. ඉදිරිපත් කරන ලද කරුණු 6 වශයෙන්
01 දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු සැසිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය ආශ්‍රිතව පැවත්විය යුතුය. මේ සඳහා ප්‍රදේශයේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාශ පූර්ණ සහයෝගයද තිබිය යුතුයි.
02. නවවන පන්තිය සිසුන් දක්වා විශේෂ අධ්‍යාපනික කටයුතු ඉරිදා දිනයන්හි සම්පූරණයෙන් නැවත්විය යුතුයි.
03 අධ්‍යාපන ආයතනයේ සෞඛ්‍ය පහසුකම් සිසු්ගේ පහසුකම් ඉතා හොඳින් තිබිය යුතු අතරම රජයේ ගොඩනැගිලි පෞද්ගලික පන්ති සඳහා නොගත යුතුයි.
04 පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳව ආණ්ඩුකාර කාර්යාලයේ මෙන්ම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබිය යුතුයි.
05.පෞද්ගලික අධ්‍යාපනික ආයතන ආධ්යාපත්මික හා සමාජීය ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා විනාඩි 30 ක් දක්වා කාලය ගතකල යුතුයි.
06 පෞද්ගලික අධ්‍යාපන ආයතනය, පොලිස් දෙපාර්තමේන්තුව , සෞඛ්‍ය, අධ්‍යාපන හා ආගමික නියෝජිතයින්,ළමා සුභසාධන නිලධාරීන් එක්ව සංගමයක් වශයෙන් පිහිටුවා කටයුතු කළ යුතුයි. යන කොන්දේසි වලට යටත්ව උපකාරක පන්ති පැවත්විය යුතුය.
popular news
-
NANDANA Monday, 12 June 2023 12:58 PM
GREAT IDEA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

