යාපනය අච්චුවේලි තෝප්පු ප්‍රදේශයේ තරුණයෙකු ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.
දින කිහිපයකට පෙරදී අච්චුවේලි රෝහලට උණ රෝගය වැළඳීම හේතුවෙන් ඇතුලත් කර ඇති මෙම තරුණයට අසාද්‍ය වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) දින මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ තොප්පුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි රවිචන්ද්‍රන් සාරුරන් නැමති තරුණයෙකි.
මේ අනුව දෙසැම්බර් මස පමණක් ඩෙංගු උණ රෝගය හේතුවෙන් මරණ 3 ක් වාර්ථා වී ඇති අතර මීට දින කිහිපයක පෙර මාස 11 ක් වයසැති බිළිඳෙකු හා යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක්ද මිය ගොස් ඇති අතර දෙසැම්බර් මස පමණක් දහසකට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇතැයිද යාපනය රෝහල් වෛද්‍යවරු පවසති.