යාපනය අච්චුවේලි පොලිස් වසමේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබූ වාහන පෝලිමක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ඊයේ (10) රාත්රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
අච්චුවේලි ඉන්ධන පිරවුම් හලකට ඊයේ සවස ඩීසල් බවුසරයක් පැමිණීමත් සමග ප්රදේශයේ වාහන විශාල ප්රමාණයක් පෝලිම් ගැසී ඇති අතරතුදී වාහන අතරට ලොරි රථයක් ඇතුල් කීරමට ගත් උත්සහයක් අතර තුරදී එම වාහන අතරින් පුද්ගලයෙකු පාපැදියකින් ගමන් කිරීමේදී ලොරි රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහිදී බරපතල තත්වයෙන් සිටි පාපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ රාත්රියේ මිය ගොස් ඇති අතරම ලොරි ථයේ රියදුරු පොලීසිය වැසින් අත්අඩංගුව ගනු ලැබීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ අච්චුවේලි ප්රදේශයේ පදිංචි 72 හැවිරිදි තම්බිපිල්ලෙයි කනගරත්නම් නැමති අයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
මේ අනුව ඉන්ධන පෝලිම් හේතුවෙන් දින 3ක් ඇතුළත පුද්ගලයන් 04ක් මියගොස් තිබේ.
