යළි දිවයිනට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනිමක්
ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත් , සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා , ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය .
ඇය එසේ පැවසූවේ , ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව , යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අවස්ථාවේදීය .
එහිදී අදහස් දැක්වූ යොහානි ද සිල්වා . මම ඉන්දියාවේ නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල සංගීත ප්‍රසංග සදහා සහභාගී වුනා .
එහිදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි උනා . මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි .
මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි . දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා යැයි ද ගායිකා යොහානි ද සිල්වා වැඩිදුරටත් පැවසුවාය .
ඇය ඊයේ දින රාත්‍රී 11.25 ට ඉන්දියාවේ මුම්බායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .
කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණි .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                