වත්මන් යහපාලන ආණ්ඩුව අභිසාරිකාවක ලෙස කටයුතු කරන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
දෙමළ ඩයස්පෝරාව කුමන ක්‍රමයකින් හෝ සතුටු කරමින් අභිසාරිකාවක ලෙස ආණ්ඩුව හැසිරෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ජයගැනීම සඳහා දෙමළ සන්ධානය ඉදිරිපත් කළ කරුණු 10කට එකඟවී තිබුණේ ඒ ආකාරයෙන් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වත්මන් රජය දෙමළ සන්ධානයේ ඉල්ලීම් පිළිගෙන තිබීම නිසා රටේ අනාගතයේ ඇතිවිය හැකි විශාල ගැටලුවක පෙරනිමිති පෙන්නුම් කරන බවත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඉල්ලීම් ඉටුකිරීමට සූදානම් වුවහොත් සියලු ජාතිකවාදී බලවේග සමග පාරට බැස අරගල කරන බවත් අභයතිස්ස හිමියෝ අවධාරණය කළහ.
එළිය සංවිධානය විසින් කොළඹදී සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.