යහපාලනය තිබුණනම් ඩීසල් රු 126, පෙට්‍රල් රු 130යි
යහපාලන ආණ්ඩුව තිබුණා අද වන විට ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටරව රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
"වෙළෙඳපොලේ තෙල් මිල පහලට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් මිල ඩොලර් 98 යි මේ වෙනකොට. ඉතින් ඇත්තටම යහපාලන කාලේ තිබුණු ඩොලරයට රුපියල් 180 ට තිබුන නම් සහ මේ මිල ගත්තා නම්, අද වෙනකොට ඇත්තටම ඩීසල් ලීටරයක මිල වෙන්නේ, රුපියල් 126 යි. පෙට්‍රල් ලීටරයක් වෙන්නේ රුපියල් 130 යි.
එහෙමනම් රටේ ජනතාවට තේරෙනවා අද පෙට්‍රල්, ඩීසල් හිඟයට අමතරව කොයිතරම් මුදලක් මේ ආණ්ඩුව ඉන්ධනවලට පනවල තියෙන සහගහන බදු හරහා ජනතාවගෙන් පික් පොකට් ගහනවද කියලා මහජනතාව පෝලිම් වල ඉන්න අතරේ. මතක තබා ගන්න ආදායම් ඉතාමත්ම අඩු වෙලා තියෙන මේ අවස්ථාවේ දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට උපයා ගන්නවා.
ඒ වගේම ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අනෙක් පැත්තෙන් ජනතාවට මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට මේ පෙට්‍රල්, ඩීසල් හෝ බොරතෙල් ගෙන්වීම ලංකාවට කරන්න බැහැ. මොකද මේ විදිහට යන්තම් චුට්ට චුට්ට කරගෙන මේ රීලෝඩ් ක්‍රමයට මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ.
ඒ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. ඒක කරන්න මේ ආණ්ඩුව අසමත්. ඒ නිසා ගෑස් පෝලිම් වල, පෙට්‍රල් පෝලිම් වල, ඩීසල් පෝලිම්වල දුක් විඳින ජනතාව දැන් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් නැගී සිටීම ඉතාම අවශ්‍ය කරලා තිබෙනවා" පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

popular news
-
ලලිත් Thursday, 17 March 2022 06:48 AM
විකාර. මහින්දලා එදා, මනගල්ගේ ඉන්දන සුත්තරයට රට ගැන හිතලා එකග වුව් නම, අන්නුන් පුච්චන පෙට්‍රල් වලට, එදා වේල හැමබකරන් කන මිනිස්සු ගෙවන වැට් බද්දෙන් සහනාධාර දෙන්න වෙන්නේ නැහැ. රට ණය වෙන එකත් වැළකෙනවා. ඉන්දන මිල ගැන මේ වගේ සුරංගනා කතා කියන්න තියෙන අව්ශ්තාවත් නැති වෙනවා. දෙගොල්ල මාරුවෙන් මාරුවට සුරන්ගනා කතා කියන්න නම් ඇති දකසයෝ.
Reply : 1 0
සී.යූ. Friday, 18 March 2022 07:54 AM
කුඩා දරුවාගේ පටන් අනවශ්‍ය පරිභොජනය සීමා කෙරෙන ප්‍රතිපත්ති රටට හදුන්වා දිය යුතු අතර මෙරට කෘසි ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සානුබල සැපයීම,සංචාරක වයාපාරය දිරිගැන්විය යුතුඅතර ජනතාව තුළ ඉතිරි කිරීමේ හා ආයෝජනය කිරීමේ පුරුදු ප්‍රවර්ධනය කලයුතුවේ .අපේ රටේ ගොවීන්ට අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමට රජයේ නිලධාරීන් ස්වේචිඡාවෙන් ක්ෂේත්රයට බැසිය යුතුයි. විදේශීය මෙන්ම පිටරටවලට සේවය කර ඇති විද්වතුන්ට තමන් දන්නා ක්ෂේත්රයෙන් රටට සේවය කරන ලෙස ආරාධානා කලයුතුවේ.උ.දාග බලශක්ති ක්ෂේත්රය ආයෝජන ක්ෂේත්රය, ඛණිජ තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ ජාතික ප්රතිපත්යක් සැකසිය යුතු අතර එත පැට්රල් ලීටරයක් දහනය කිරීම රටට එක් ඩොලරයක් අහිමිවන බැවින් විකල්ප භාවිතා කිරීමටත් පරිවහන පිරිවැය සඳහා විකල්ප හඳුනා ගැනීමටත් ජනතාවගේ හැඟීම් වර්ධනය වන ආකාරයට සියළු දේශපාලන නායකයින් ආදර්ශවත් ව කටයුතු කලයුතුවේ. නැතුව විචෙනය කිරීමෙන් වර්තමාන රටේ අභියෝග ජයගත නොහැකිවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

