බන්ධනාගාර තුළ යහපත් ලෙස කටයුතු කරන රැඳවියන්ට නිවැසියන් සමග කාලය ගත කිරීම සඳහා නිවාස නිවාඩු යැවීමේ ක්රමයක් ක්රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ක්රමය යටතේ පළමු වතාවට දින 07ක නිවාඩුවක් හා දෙවැනි වතාවේදී දින 10ක් හා තුන්වැනි වතාවේදී දින 14 ක නිවාඩුවක් හිමි වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අනුව අද (20දා) දිනයේදී දිවයිනේ බන්ධනාගාර 17ක සිරකරුවන් 101දෙනෙකු නිවාස නිවාඩුගත කිරීම සඳහා ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව මේ මස 27වැනිදා සිරකරුවන් 17දෙනෙකු බලපත්ර මත මුදාහැරීමට නියමිත බවත්, දීර්ඝකාලීන සිරකරුවන් මනා පුනුරුත්ථාපනයකින් යුතු වූවන් නිසා දඬුවම් කාලය ඉදිරියට ගෙවීමට තිබියදී බලපත්ර මණ්ඩල මගින් නිදහස් කරන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
බන්ධනාගාර රැඳවියන් නිවාස නිවාඩු යැවීමට පෙර අදාළ ප්රදේශයේ පොලිස් ස්ථානයෙන් පන්සල වින්දිත පාර්ශ්වයෙන් සිරකරුගේ ඥාතීන්ගෙන්, නිවැසියන්ගෙන්, අසල්වැසියන්ගෙන් ලබාගන්නා තොරතුරු මත වාර්තාවක් සකස් කරන බවත්, ඉන් අනතුරුව නිවැසියන් සමග නිවාඩුවගත කිරීමට අවස්ථාව ලබාදෙන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.