යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම මේ සතියේ සිටම ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අද (15දා) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හුණුපිටිය කොමර්ශල් පොහොර සංස්ථා පරිශ්‍රයේදි අද (15දා) පෙරවරු ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ දෙවන ආහාර ද්‍රව්‍ය අලෙවිසැල අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ.මහජනතාවට පහසු මිලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් ජාතික ආිහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් අහාර ද්‍රව්‍ය අලෙවිසැල් පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ මෙම අලෙවිසැල ස්ථාපිත කෙරිණ.
ඊට සාපේක්ෂව කොමර්ශල් පොහොර සමාගමේ පොහොර අලෙවිසැල ද විවෘත විය.
මෙම අවස්ථාවට සහභාගිව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා ගොවි ජනතාවට හොඳ මිලක් ලබාදෙමින් මේ සතියේ සිටම යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මඟින් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය.එම මිල අනුමත කරගැනීම සඳහා අද (15දා) අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.
යල කන්නයේ පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වුණා.සමහරු අපිට චෝදනා කළා බාල,විස පොහොර ගොවීන්ට නිකුත් කරන බව.නමුත් ඒ චෝදනා සියල්ල අද බොරු වෙලා තිබෙනවා.අප විසින් ලබාදුන් යූරියා පොහොර ඉතාමත් උසස් මට්ටමේ ඒවා බව ගොවි ජනතාවම ප්‍රකාශ කරනවා.අපේ ඉලක්කය කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කරමින් වගා කිරීම 70:30 ප්‍රතිශතය යටතේ ලබන මාස් කන්නයේ සිට වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනව යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ආරම්භ කරන මෙම අලෙවිසැල් පද්ධතිය මඟින් පාරිභෝගික ජනතාවට සහන මිලක් යටතේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා.ඒ වගේම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදකයින්ටත් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සැලසෙනවා.කෘෂිකර්ම අමාත්‍යාංශය ඉලක්ක කරන වැඩපිළිවෙලින් ඔබ්බට ගොස් කටයුතු කරන අමාත්‍යාංශයක් බවට පත් කිරීම අපේ අරමුණයි.එම අරමුණ ජයගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කටයුතු කරන සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සහ ලංකා පොහොර සමාගමේ සහ කොමර්ශල් පොහොර සමාගමේ සභාපතිවරු ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.
