ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05 ක් වගා කරන්න අපේක්ෂා කරන අතර, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බැවින් ගොවීන් කිසිසේත් ඒ ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසීය.
මීට අමතරව එළවළු, පළතුරු, බඩඉරිඟු වැනි අනෙකුත් බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කටයුතු කරන අතර කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (21දා) පැවති පොහොර බෙදා දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.