වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඩ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය.
එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි. කෙසේ වුවද මේ වනවිට මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ලඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් විසින් පොහොර සැපයීම සම්බන්ධව පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කළ අතර ඉන් සියයට 75ක්ම අලෙවි වී තිබේ. මේ වනවිට ගොවිජන මධ්‍යස්ථාන සතුව මෙට්‍රික් ටොන් 10,000ක් හා සමාගම් සතු ගබඩාවල යුරියා මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් තවත් යුරියා මෙට්‍රික් ටොන් 30,000ක් පමණ ඉතිරිව තිබේ.
එමෙන්ම බන්ඩි පොහොර හෙවත් MOP පොහොර දැනට අලෙවි වී තිබෙන්නේ සියයට 05ක් තරම් ප්රමාණයකි.
එමනිසා 2023 යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය සියලු පොහොර මෙවර සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.